කඩවත පොලීසියේ කොස්තාපල්වරයෙකු අතුරුදන්වීම ගැන පරීක්ෂණ

Tuesday, 18 February 2020 - 9:35

%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B6%AD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
පැහැර ගැනීමට ලක් වූ කඩවත පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා සොයා පොලීසිය පන්නල - කන්කානියංමුල්ල රක්ෂිතයේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ අළුයම සිට මෙලෙස අතුරුදන්ව ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි දෙදරු පියෙකු වන අතර, ඔහු කඩවත පොලීසියට අනුයුක්තව රියදුරෙකු ලෙස සේවය කරන කොස්තාපල්වරයෙක්.

මොහු 2018 පෙරබවාරි 23 වනදා වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ඩී . මංජු නමැත්තාගේ බිරිඳගේ නැන්දණිය සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

47 හැවිරිදි එම කාන්තාව ඩී. මංජුගේ බිරිඳගේ නිවසේ නතර වී සිට ඇති අතර පෙරේදා රාත්‍රියේ ඇය පොලිස් කොස්තාපල්වරයාට දුරකතන ඇමතුමක් ලබාදී ප්‍රකාශ කර ඇත්තේ සිය වැඩිමහල් පුත්‍රයා වන බන්ටි තමන්ව ඝාතනය කිරීමට සූදානම්ව සිටින බවයි.

ඒ අනුව එදින රාත්‍රියේම අදාල පොලිස් කොස්තාපල්වරයා එම නිවසට පැමිණ තිබෙනවා.

කොස්තාපල්වරයා නිවසේ සිටින බවට තොරතුරු ලැබීමෙන් අනතුරුව බන්ටි නමැත්තාද නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේ පොලිස් කොස්තාපල්වරයා නිවසේ සැඟව සිට ඇති බවටයි මූලික විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව අතුරුදන්ව සිටින පොලිස් කොස්තාපල්වරයා අදාල කාන්තාව සමඟ කිරිබත්ගොඩ - හුණුපිටිය ප්‍රදේශයේ හෝටලයක් වෙත ගොස් ඇති අතර පසුදා අළුයම එම කාන්තාව ඞී මංජුගේ බිරිඳට දුරකතන ඇමතුමක් දී සඳහන් කර ඇත්තේ තමාට කුසගිනි නිසා ආහාර රැගෙන පැමිණෙන ලෙසයි.

ඒ අනුව ඞී මංජුගේ බිරිඳ සහ ඇගේ සහෝදරයා යතුරුපැදියකින් රොටි සහ දුම්වැටි කිහිපයක් රැගෙන ගොස් ඇති අතර පොලිස් කොස්තාපල්වරයාට අදාල කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ හෝටලයෙන් මඳ දුරක් ගොස් එම ආහාර භාරගන්නා ලෙසයි.

ඒ අනුව යතුරුපැදියෙන් පැමිණි ඞී මංජුගේ බිරිඳගෙන් ආහාර ලබා ගන්නවාත් සමඟ ඊට පිටුපසින් ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් පිරිසක් අදාල පොලිස් කොස්තාපල්වරයාට පහර දී පැහැරගෙන ගොස් තිබෙනවා.

එම සිදුවීම සී.සී.ටී වි කැමරාවල ද සටහන් වී ඇති අතර ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ පොලිිසිය අනාවරණය කරගෙන ඇත්තේ අදාල කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා වන බන්ටි නමැත්තා සහ තවත් පිරිසක් එලෙස ත්‍රීරෝද රථයෙන් පැමිණ ඇති බවයි.  

පසුව ඔවුන් මෙම කොස්තාපල්වරයා පන්නල ප්‍රදේශයේ සිටින අදාල කාන්තාවගේ බාල පුත්‍රයාගේ නිවසට රැගෙන ගොස් ඇති අතර එතැන් සිට කොස්තාපල්වරයා අතුරුදන් බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරන පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.  අදාළ රක්ෂිතයේ වැටී තිබියදී ලේ පැල්ලම් කිහිපයක් ද හමුවී තිබෙනවා.

ඒ අනුව මෙම කොස්තාපල්වරයා ඝාතනය කර ඇති බවට පොලිසිය සැක කරන අතර, ඔහු අනියම් සබඳතාව පැවැත් වූ කාන්තාව සහ ඞී මංජුගේ බිරිඳ පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

අදාළ කාන්තාවගේ සැමියා මේ වනවිට මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට බන්ධනාගාර ගතව සිටින අතර පොලිස් කොස්තාපල්වරයා ද මත්කුඩු අලෙවි කිරීමට එම කාන්තාවන්ට සහය ලබාදී ඇති බවට පොලිසිය සැක කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ කැලණිය කොට්ඨාශ භාර පොලිස් අධිකාරි රොෂාන් ඩයස් සහ කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.



බස්නාහිර පළාත, පුත්තලම, මහනුවර සහ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට පැය අටකට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ
Sunday, 05 April 2020 - 7:49

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන ඉහළ අවදානමක් සහිත කලාප... Read More

ඇඳිරි නීතිය කාලය තුළ මාළු වෙළදාමට අවස්ථාව
Sunday, 05 April 2020 - 7:38

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ ගැටළුවකින් තොරව මත්ස්‍ය... Read More

හෙද සේවකයින්ට ආරක්ෂක පහසුකම් සැපයීමට රජය අපොහොසත් වී ඇතැයි චෝදනාවක්
Sunday, 05 April 2020 - 7:35

කොරෝනා ප්‍රතිකාර සේවාවල නිරත වන හෙද සේවකයින්ට ආරක්ෂක පහසුකම්... Read More