කටුනායක අධිවේගී මාර්ගයේ ගමනාගමනය ජා-ඇල දක්වා විවෘතයි - ගින්න නිවන්න බෙල් 212 හෙලිකොප්ටර් යානයක්

Thursday, 20 February 2020 - 17:29

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F-%E0%B6%87%E0%B6%BD+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+212+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ගින්නක් හේතුවෙන් මතුවූ දුමාරයත් සමඟ තාවකාලිකව වසා දැමුණු කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ සිට ජා-ඇල දක්වා කොටස පමණක් මේ වනවිට විවෘත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාශය ප්‍රකාශ කළා.

පවතින අධික රථ වාහන තදබදය හේතුවෙන් මෙම පියවර ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

එසේම රාත්‍රී 8 දක්වා එම කොටසේ රථ වාහන ධාවනය නොමිලේ සිදුකිරිමට අවස්ථාව සලසා ඇති බව ද මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

සීදුව - කටුනායක නගර සභාවේ සභාපති ඩබ්ලිව්.සරත් පීරිස් කියා සිටියේ අම්බලංමුල්ල ප්‍රදේශයේ නගර සභාවේ කසල බැහැර කරන ස්ථානයේ මෙම ගින්න හට ගත් බවයි.

පසුව, අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි ලඳු කැළෑවකට එය පැතිර ගොස් තිබුණා.

මුලින් අධිවේගී මාර්ගයේ ජා-ඇල සිට කටුනායක දක්වා කොටස වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගත් නමුත්, පසුව ඇති වූ තදබදය හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමටයි පියවර ගැණුනේ.

ගින්න නිවීම සඳහා අද පස්වරුවේ ගුවන් හමුදාවට අයත් බෙල් - 12 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද යොදා ගැණුනා.

ගින්න පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේම සාමාජිකයන් යෙදවූ බවයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේ.   

මේ වනවිට ගින්න නිවා දමා ඇතත්, එම ප්‍රදේශයේ අධික දුමාරයක් පවතින බව හිරු වාර්තාකරුවන් කියා සිටියා.

මේ අතර, කටුනායක ගුවන්තොටුපලට පැමිණෙන ගුවන් මගීන්ට කල්වේලා ඇතිව පැමිණෙන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දීමක් කරනවා.   

මේ වනවිටත්, පිටවන දුමාරය ප්‍රදේශය පුරා ව්‍යාප්තව පවතින අතර, 2013 වසරේ කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසු එය තාවකාලිකව හෝ සම්පූර්ණයෙන් වසා දැමුණු පළමු අවස්ථාව මෙය වනවා.  

ගින්න හේතුවෙන් අසල පිහිටි නිවාස දෙකක පුද්ගලයින් ද ඉවත් කර ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.



කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලාංකිකයෙකු ලන්ඩනයේදී මරුට
Saturday, 28 March 2020 - 23:17

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ලන්ඩනයේදී... Read More

කොරෝනා වෛරසය ගැන අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ අයෙක් CID අත්අඩංගුවට
Saturday, 28 March 2020 - 22:06

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කළුබෝවිල ප්‍රදේශයේ සිට සමාජ මාධ්‍ය... Read More

ජීවන ගමනින් සමුගත් දියණිය බැලීමට වත් නොපැමිණ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින ශ්‍රේෂ්ඨ පියෙක්
Saturday, 28 March 2020 - 21:43

විදෙස් ගතව සිට මෙරටට පැමිණි පිරිස් සහ සංචාරකයන් ඇසුරු කළ... Read More