හාලිඇල සිසුන් දියේ ගිලෙද්දී ගුරුවරුන් වගකීම පැහැර හැරියේදැයි විමර්ශන

Thursday, 20 February 2020 - 19:26

%E0%B7%84%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%87%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%99%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1
අධ්‍යාපන චාරිකාවක නිරතව සිටියදී බදුල්ල - හාලිඇල විද්‍යා විදුහලේ සිසුන් සිව් දෙනෙකු ගෝමරන්කඩවල ප්‍රදේශයේදී දියේ ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 68 දෙනෙකු අධ්‍යාපන චාරිකාවක් සඳහා ඊයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයට ගොස් තිබූ අතර, ඊට ගුරුවරුන් 7 දෙනෙකු ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

පසුව ඔවුන් ගෝමරන්කඩවල ප්‍රදේශයේ විහාරස්ථානයක නවාතැන් ගෙන තිබෙනවා.

එහිදී සිසුන් පිරිසක් විහාරස්ථානයට යාබදව පිහිටි මැදවච්චිය වැවේ නෑමට ගොස් ඇති අතර, එහිදී මෙම අනතුර සිදුවුණා.

සිද්ධියෙන් සිසුන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර තවත් 3 දෙනෙකු දියේ ගිලී රෝහල් ගත කළා.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එම් රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ගුරුවරුන් විසින් තම රාජකාරිය මග හැර කටයුතු කර සිටියාද යන්න සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.



කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලාංකිකයෙකු ලන්ඩනයේදී මරුට
Saturday, 28 March 2020 - 23:17

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ලන්ඩනයේදී... Read More

කොරෝනා වෛරසය ගැන අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ අයෙක් CID අත්අඩංගුවට
Saturday, 28 March 2020 - 22:06

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කළුබෝවිල ප්‍රදේශයේ සිට සමාජ මාධ්‍ය... Read More

ජීවන ගමනින් සමුගත් දියණිය බැලීමට වත් නොපැමිණ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින ශ්‍රේෂ්ඨ පියෙක්
Saturday, 28 March 2020 - 21:43

විදෙස් ගතව සිට මෙරටට පැමිණි පිරිස් සහ සංචාරකයන් ඇසුරු කළ... Read More