දඹුල්ල - නාලන්දේ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස්, 45කට තුවාල - (ඡායාරූප)

Friday, 21 February 2020 - 8:29

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+-+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%2C+45%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දඹුල්ල - මාතලේ ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදුවූ අනතුරෙන් දස හැවිරිදි පිරිමි දරුවෙකු සහ කාන්තාවක් මිය ගොස් 45කට වැඩි පිරිසක් තුවාල ලබුවා.

දඹුල්ලේ සිට සිරිපා වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක්, කන්ටේනර් රථයක් පසුකර යාමට උත්සහ කිරිමේදී ඉදිරියෙන් පැමිණි මහනුවර - සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

පොලීසිය සදහන් කළේ බස් රථ දෙකෙහි ගමන් ගත් පුද්ගලයින් 50 ආසන්න පිරිසක් තුවාල ලබා නාලන්ද, ,මාතලේ සහ දඹුල්ල රෝහවලට ඇතුළත් කෙරුණු බවයි.

සිරිපා වන්දනාවේ යමින් සිටි බස්රථයේ රියදුරුගේ අපරික්ෂාකාරි ධාවනය අනතුරට හේතුව බව පොලිසිය වැඩිදුරටත් කියා සිටයා.

සිද්ධියෙන් මියගිය කාන්තාව සහ පිරිමි දරුවා සිරිපා වන්දනාවට එක්ව අය වන අතර, ඔවුන් දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories