මහා ශිව රාත්‍රි දිනය අදයි

Friday, 21 February 2020 - 8:36

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%81%E0%B7%92%E0%B7%80+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
මහා ශිව රාත්‍රි දිනය අදට යෙදී තිබෙනවා.

ලොව පුරා හින්දු බැතිමතුන් උපවාස ශීලය සමාදන් වී මෝහාන්ධකාරය පරදා ප්‍රඥාව ජය ගැනීම සලකුණු කරන, මහා ශිව රාත්‍රි දින උළෙලට පේවී සිටින මෙරට හින්දු භක්තිකයින් සමඟ තමන්ද එක්ව සිටින බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

නව ජවයකින් අලූත් හෙටක් පිළිබඳව බලාපොරොත්තු දල්වා සිටින ශ්‍රී ලාංකිකයින් අතරට අපගේ සහෝදර දෙමළ ප්‍රජාවද අයත් බව එහි සඳහන්.

අන්තර් ආගමික සහජීවනය අන් කවරදාටත් වඩා බලගන්වමින් රටේ සෑම ජනකොටසක්ම සිය මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටිනු දැකීමෙන් තමන් සතුටට පත්වන බවයි ජනාධිපතිවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ ජාති භේද, ආගම් භේද පසෙකලා සියලූ ශ්‍රී ලාංකිකයින් එකිනෙකා හට අන්‍යෝන්‍ය ගෞරවයෙන් හා විශ්වාසයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.

ගෞරවාන්විත සම්ප්‍රදායකට උරුමකම් කියන හින්දු දර්ශනය හා එහි උත්සවාංග මෙරට සංස්කෘතිය විචිත්‍රවත් කිරීමට සමත් වී ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා.


විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් 2 සහ 3
Sunday, 29 March 2020 - 20:39

අප්‍රේල් මස 2 සහ 3 දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට ජනාධිපති විශේෂ... Read More

සෞඛ්‍ය උපදෙස් නොතකමින් රැස්වීම් තැබූ චම්පිකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග
Sunday, 29 March 2020 - 20:34

සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඊයේ දිනයේ රැස්වීමක් පැවැත්වූ හිටපු... Read More

ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් විවිධ අදහස්
Sunday, 29 March 2020 - 20:31

රට තුළ ඇතිව තිබෙන තත්ත්වයත් සමග ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන්... Read More