ඝාතනයට ලක් වූ කඩවත පොලිසියේ කොස්තාපල්වරයා පැහැර ගත් බවට සැකකෙරෙන ත්‍රිරෝද රථය හමුවෙයි

Friday, 21 February 2020 - 16:00

%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B6%AD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඝාතනය කරනු ලැබූ කඩවත පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයා පැහැර ගැනීම සඳහා යොදා ගත් බව සැක කෙරෙන ත්‍රිරෝද රථය පන්නල - යක්විල වේරහැර මාර්ගයේ  බුළුගහවත්ත ප්‍රදේශයේ තිබී පොලීසිය සොයා ගෙන තිබෙනවා.

විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලබා ගත් තොරතුරු මත මෙම ත්‍රිරෝද රථය සොයා ගත් බවයි.

දින 5කට පෙර පැහැර ගැනුණු මෙම කොස්තාපල්වරයාගේ සිරුර, පන්නල - යක්විල වේරහැර මාර්ගයේ  බුළුගහවත්ත ප්‍රදේශයේ ළඳු කැළෑවක තිබී කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිළධාරින් අද සොයා ගත්තා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories