ටජ්මහලේ යතුර ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට

Sunday, 23 February 2020 - 9:25

%E0%B6%A7%E0%B6%A2%E0%B7%8A%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉන්දීය චාරිකාවේ ප්‍රධාන නැරඹුම් ස්ථානයක් වන්නේ ලෝක පුදුමයක් මෙන්ම ලෝක උරුමයක් ලෙස සැළකෙන අග්‍රාවේ ටජ්මහලයි.

හෙට සිය ප්‍රථම ඉන්දීය රාජ්‍ය චාරිකාව ලෙසින් නවදිල්ලියට පැමිණෙන ජනපති ට්‍රම්ප්, හෙට දිනයේම අග්‍රාවට පැමිණෙන අතර, ඔහු සමඟ මෙලානියා ආර්යාව මෙන්ම දියණිය ඉවන්කා සහ ඇගේ සැමියා වන ජාරෙඩ් කුෂ්නර් ද එක්වනු ඇති.

අග්‍රාව ජනපති ට්‍රම්ප් පිළිගැනීම සඳහා ලහි ලහියේ සැරසෙන අතර, දහස් සංඛ්‍යාත ජනතාව ඇමරිකානු සහ ඉන්දීය ධජ අතැතිව ඔවුන්ට සුබපතනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

අග්‍රාවට පැමිණෙන ජනපති ට්‍රම්ප් සම්ප්‍රදායික ලෙස පිළිගැනීම සඳහා ඔහු වෙත නගරයේ යතුර පිරිනැමීමට එහි නගරාධිපතිවරයා කටයුතු කරනු ඇති බව සඳහන්.

ටජ් මහල පිහිටි අග්‍රාවට ඇතුලූවීම සඳහා එම යතුරේ ආකෘතිය ග්‍රෑම් 600 ක් බරැති රිදියෙන් නිමවා ඇත්තේ ටජ් මහලේ අනුරුවක් ලෙසයි.

මේ අතර ඉන්දීය සංචාරය සඳහා පිටත්ව යාමට පැය කිහිපයකට පෙර සිය ට්විටර් ගිණුම ඔස්සේ සංස්කරණය කළ වීඩියෝ පටයක් එක් කළ ජනපති ට්‍රම්ප් එහි බාහුබලී සිනමා පටයේ අවසන් කොටසේ රූපරාමු අතරට පිවිසුණා.

ඉන්දියාවේ දේව වෘතාන්තයක් වන එම චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ මුහුණට ජනපති ට්‍රම්ප්ගේ මුහුණ සංස්කරණයෙන් එක් කොට ඇති අතර, මෙලනියා ට්‍රම්ප්ගේ මුහුණ සිවාග්මි ලෙස රඟපාන රම්‍ය ක්‍රිෂ්ණන්ගේ මුහුණට එක්කර තිබෙනවා.

වීඩියෝ පටය අවසන් වන්නේ ඉන්දු - ඇමරිකානු එක්සත් භාවය පිළිබඳ, පාඨයකින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories