පලාලි ගුවන් තොටුපල වෙනුවෙන් ඉන්දියාව සමඟ ගිවිසුමක්

Sunday, 23 February 2020 - 13:25

%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
යාපනය - පලාලි ගුවන් තොටුපල වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාව සමඟ කඩිනමින් ගිවිසුම් අත්සන් කිරීමට සැළසුම් කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා කැබිනට් මණ්ඩලයද අනුමැතිය ලබාදී ඇති බවයි.

යාපනය පලාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය රුපියල් මිලියන 300ක ආධාරයක් ලබාදීමට එකඟ වී තිබෙනවා.

එම ආධාර මගින් සැහැල්ලූ ගමන් මළු හැසිරවීමේ පද්ධතිය, පිටත්වීමේ පාලන පද්ධතිය, ජල සම්පාදනය, අපජලය ප්‍රවාහනය කිරීමේ පද්ධතිය යන අංශ සකස් කිරීමටයි යෝජනා වී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories