සජිත්ගෙන් නිදහස් පක්ෂයට ආරාධනයක්

Monday, 24 February 2020 - 12:45

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තම නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමඟ එක්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ නියෝජිතයන්ට ආරාධනයක් සිදු කළා.

ඔහු මෙම ආරාධනය සිදුකළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයේදී තම පක්ෂය සමඟ සිටින සියළු පාර්ශව එක්ව තරඟ කළ යුතු බවයි.

ප්‍රධාන සන්ධාන නිර්මාණය කළ පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුත් ලකුණක් වෙනුවෙන් සිඟමනේ යා යුතු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කියා සිටියා.

ඒ, ගාල්ල ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිලිතුරු ලබාදෙමින්.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ගාල්ලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඉදිරි මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර, තරග කරන ලකුණ කුමක්දැයි පක්ෂයේ ඉහළ පෙළේ නායකයින් කඩිනමින් ප්‍රකාශයට පත් කළ යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories