කොරෝනා ලතින් ඇමරිකාවටත් - යුරෝපය පුරාත් පැතිරෙන ලකුණු

Wednesday, 26 February 2020 - 9:22

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BD%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
කොවිඞ් - 19 වෛරසය ආසාදිතයෙකු හමුවූ පළමු ලතින් ඇමරිකානු රට බවට බ්‍රසීලය පත්ව තිබෙනවා.

ඒ, ඉතාලියෙන් පැමිණි එරට පුරවැසියෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමඟයි.

ඉතාලියේ මේ වනවිට මරණ 11ක් සිදුව ඇති අතර, එරට වෛරසය ආසාදිත වූ පුද්ගලයින් සංඛ්‍යාව 322ක්.

ඉතාලිය තුළ වෛරසය පැතිරයාමත් සමඟ එය යුරෝපයේ අනෙකුත් රටවලටද බලපෑම් එල්ල කර තිබෙනවා. ඒ අනුව ඔස්ටි‍්‍රයාව, ක්‍රොඒෂියාව, ස්විට්සර්ලන්තය යන රටවලින්ද පළමුවරට වෛරස ආසාදිතයෙකු හමුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ ඇමරිකාව පුරා කොවිඞ් - 19 වෛරසය සීග්‍රයෙන් පැතිර යනු ඇති බවයි.

වෛරසයට පෙර සූදානමක් ලෙස සැන්ප්‍රැන්සිස්කෝ නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දකුණු කොරියාවෙන් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 1146 දක්වා  ඉහළ තිබෙනවා. ඒ, අද දිනයේ නව රෝගීන් 169 දෙනෙකු හමුවීමත් සමඟයි. වෛසරය ආසාදනය වීමෙන් දකුණු කොරියාවේ සිදුව ඇති මරණ 11ක් වන අතර, ඉරානයෙන් පුද්ගල මරණ 16ක් වාර්තා වුණා.

කොවිඞ් නයින්ටීන් වෛරසය හේතුවෙන් චීනයෙන් නව මරණ 52ක් වාර්තා වී තිබෙනවා.

මේ දක්වා එරටින් මරණ 2715 ක් වාර්තාවී ඇති අතර, ගතවූ පැය 24 තුළ චීනයෙන් නව ආසාදිතයින් 406 දෙනෙකු සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පසුගිය සති 3 ට සාපේක්ෂව  අඩුම මරණ සංඛ්‍යාවක් චීනයෙන් වාර්තාවී ඇත්තේ මෙම සතිය තුළ වීම විශේෂත්වයක්.



විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් 2 සහ 3
Sunday, 29 March 2020 - 20:39

අප්‍රේල් මස 2 සහ 3 දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට ජනාධිපති විශේෂ... Read More

සෞඛ්‍ය උපදෙස් නොතකමින් රැස්වීම් තැබූ චම්පිකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග
Sunday, 29 March 2020 - 20:34

සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඊයේ දිනයේ රැස්වීමක් පැවැත්වූ හිටපු... Read More

ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් විවිධ අදහස්
Sunday, 29 March 2020 - 20:31

රට තුළ ඇතිව තිබෙන තත්ත්වයත් සමග ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන්... Read More