වියලි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවයි , පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට උණුසුම වැඩි වේ

Wednesday, 26 February 2020 - 10:50

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%2C+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%9A
වයඹ, බස්නාහිර පළාත්වලට මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් කුඩා ළමයින්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් සැලකිලිමත් විය යුතු බවයි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.   

මේ අතර පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක පුද්ගලයින් දෙලක්ෂ 28,394කට බලපෑම් එල්ල වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් දෙලක්ෂ 15,525 දෙනෙකු ද ඒ අතර වන බවයි.

විශේෂයෙන් පානීය ජලයට ලවණ මිශ්‍රවීම නිසා කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල, පානදුර, කළුතර සහ දොඩම්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පුද්ගලයින් දෙලක්ෂ 12,728 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

එසේම කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දැරණියගල, ගලිගමුව සහ වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 3697ක්.

රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 7959 දෙනෙකු සහ මහනුවර - අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් 1213 දෙනෙකු ද වියළි කාලගුණය නිසා බලපෑමට ලක්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර පානීය ජලයට ලවණ මිශ්‍රවීමට එරෙහිව නිහඩ විරෝධතාවක් කළුතර නගර මධ්‍යයේදී අද පැවැත්වුණා.


විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් 2 සහ 3
Sunday, 29 March 2020 - 20:39

අප්‍රේල් මස 2 සහ 3 දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට ජනාධිපති විශේෂ... Read More

සෞඛ්‍ය උපදෙස් නොතකමින් රැස්වීම් තැබූ චම්පිකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග
Sunday, 29 March 2020 - 20:34

සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඊයේ දිනයේ රැස්වීමක් පැවැත්වූ හිටපු... Read More

ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් විවිධ අදහස්
Sunday, 29 March 2020 - 20:31

රට තුළ ඇතිව තිබෙන තත්ත්වයත් සමග ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන්... Read More