කාලගුණයෙන් ජනතාවට දැනුම්දීමක්

Wednesday, 26 February 2020 - 13:56

%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල, මෙන්ම මාතර දිස්ත්‍රික්කවල හෙට දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම හම්බන්තොට, මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 40 ක් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල  සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යාහැකියි.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි කාලගුණ  විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මේ අතර වයඹ, බස්නාහිර පළාත්වලට මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් කුඩා ළමයින්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් සැලකිලිමත් විය යුතු බවයි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.   

මේ අතර පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක පුද්ගලයින් දෙලක්ෂ 28,394කට බලපෑම් එල්ල වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් දෙලක්ෂ 15,525 දෙනෙකු ද ඒ අතර වන බවයි.

විශේෂයෙන් පානීය ජලයට ලවණ මිශ්‍රවීම නිසා කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල, පානදුර, කළුතර සහ දොඩම්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පුද්ගලයින් දෙලක්ෂ 12,728 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

එසේම කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දැරණියගල, ගලිගමුව සහ වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 3697ක්.

රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 7959 දෙනෙකු සහ මහනුවර - අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් 1213 දෙනෙකු ද වියළි කාලගුණය නිසා බලපෑමට ලක්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, බගවන්තලාව - ටින්සින් වතුයායේ ඉඩමක ගින්නක් හට ගෙන තිබෙනවා.

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එය මැඩපැවැත්වීම අපහසුවී ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ.

ගින්නෙන් අක්කර 3 ක පමණ භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.


අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු එළියට
Tuesday, 31 March 2020 - 21:39

පුත්තලමෙන් හමුවූ කොරෝනා අසාදිතයා සමඟ ඉන්දුනීසියාවේ සංචාරය... Read More

අන්තර්ජාලය ඔස්සේ පාසල් ඉගෙනීම් කටයුතු ඇරඹේ (වීඩියෝ)
Tuesday, 31 March 2020 - 21:34

රට පුරා කොවිඩ් 19 ව්‍යාප්තවීමත් සමඟ දිවයිනේ පාසල් අන්තර් ජාලය... Read More

රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අද පස්වන දිනටත් (වීඩියෝ)
Tuesday, 31 March 2020 - 20:04

කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ දැඩි දුෂ්කරතා... Read More