එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1, 34/1 සහ 40/1 යෝජනාවලට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත්වන බව ශ්‍රී ලංකාව අද නිල වශයෙන් දැනුම් දුන්නා.
විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ බව කියා සිටියේ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයේ ඉහළ මට්ටමේ සාකච්ඡා සැසිය අමතමින්.
2015 ඔක්තෝම්බරයේදී 30/1 දරන සහ 2017 මාර්තුවේදී 34/1 දරන පූර්වගාමී යෝජනා සම්මුති ඇතුළත් කර 2019 මාර්තුවේදී සකස් කරන ලද, ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව වූ 40/1 යෝජනා සම්මුතිය සඳහා සම අනුග්‍රාහකත්වය ඉවත් කර ගැනීමට රජය තීරණය කළා.
ඒ අනුවයි අද සමුළුව අමතමින් විදේශ අමාත්‍යවරයා ඒ බව නිල වශයෙන් මානව හිමිකම් කොමිසම වෙත දැනුම් දුන්නේ.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් හෙට ශ්‍රී ලංකාව පිළිබඳව වාචික වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන්ද විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රතිචාර දැක්වීමට නියමිතව තිබෙනවා.
අනිද්දා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා, ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලට් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

Follow US
Most Viewed Stories