ටිකට් ගැටලූවක් නිසා සූරියවැව උණුසුම් (වීඩියෝ)

Wednesday, 26 February 2020 - 19:26

%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන එක්දින තරඟය නැරඹීම සඳහා පැමිණි ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේදී ඇති වූ ප්‍රමාද දෝෂයක් මුල් කර ගනිමින් ක්‍රීඩාංගනයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා අද දිනයේ විවෘතව තිබුණේ කවුලූ 2ක් පමණයි.

ඒ හේතුවෙන් ප්‍රේක්ෂකයන් ප්‍රවේශපත්‍ර පරීක්ෂාවකින් තොරව ක්‍රීඩාංගනයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති අතර එය වැළැක්වීම සඳහා පොලීසිය කටයුතු කිරීමේදී දෙපාර්ශවය අතර ගැටුමක් හට ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

කෙසේ වෙතත්, අප සූරියවැව පොලීසියෙන් සිදුකළ විමසීමේදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේදී යම් ප්‍රමාදයක් සිදුවූ නමුත් ගැටුම්කාරි තත්ත්වයක් ඇති නොවූ බවයි.

මේ අතර, සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන එක්දින තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 345ක් ලබා ගත්තා.

කාසියේ වාසිය දිනා ගත් කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර, ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 127 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 119ක් රැස් කළා.



විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් 2 සහ 3
Sunday, 29 March 2020 - 20:39

අප්‍රේල් මස 2 සහ 3 දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට ජනාධිපති විශේෂ... Read More

සෞඛ්‍ය උපදෙස් නොතකමින් රැස්වීම් තැබූ චම්පිකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග
Sunday, 29 March 2020 - 20:34

සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඊයේ දිනයේ රැස්වීමක් පැවැත්වූ හිටපු... Read More

ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් විවිධ අදහස්
Sunday, 29 March 2020 - 20:31

රට තුළ ඇතිව තිබෙන තත්ත්වයත් සමග ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන්... Read More