උණුසුම ගැන අනතුරු ඇඟවීමක්

Thursday, 27 February 2020 - 9:43

%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අද දිනයේද වයඹ සහ බස්නාහිර පළාත්වලටද මන්නාරම, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටද මිනිස් සිරුරට දැනෙන උණුසුම (උණුසුම් දර්ශකය) වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පැතුම් පැස්කුවල් හිරු වෙත කියා සිටියේ අදින් පසුව වුවත් මෙම තත්ත්වය තිබිය හැකි බවයි. උෂ්ණත්වය ඉහළ යාම, වාතයේ ආර්ද්‍රතාව ඉහළ යාම මිට හේතු වශයෙන් ඔහු පෙන්වා දුන්නා. මේ නිසා අපහසුතාවක් දැනෙන බව ද ඔහු පැවසුවා.

ලබන මාසය වනවිට උෂ්ණත්වය වැඩිවීම, ආර්ද්‍රතාව වැඩිවීමට සුළං තත්ත්වයේ අඩුවීමද එකතු විය හැකි බැවින් මෙම උණුසුම් තත්ත්වය තවත් වැඩි විය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කාලගුණ අනතුරු ඇඟවීම් යටතේ මෙම උණුසුම් කාලගුණය ගැන උපදේශනාත්මක නිවේදනය , කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

එම සම්පුර්ණ නිවේදනය පහත දැක්වෙනවා.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories