සුදුවෑන් මාධ්‍ය හමුවේ සැකකරුවන්ගේ කටහඬ ගැලපේ - වේෂනිරූපණයට මුදල් ගෙවා ඇත්තේ රාජිතගේ ලේකම්වරයෙක්

Thursday, 27 February 2020 - 11:01

%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%84%E0%B6%AC+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B6%B4%E0%B7%9A+-+%E0%B7%80%E0%B7%9A%E0%B7%82%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සංවිධාන කළ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ  දෙදෙනාගේ කටහඩ සාම්පල මාධ්‍ය හමුවේ හඬපට සමඟ සැසඳී ඇති බව රජයේ රස පරීක්ෂකවරයා දැනුම්දී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන්නා.

ඒ ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ මෙම නඩුවේ පළමු හා දෙවන සැකකරුවන් වන සරත් කුමාර සහ අතුල සංජීව මදනායක 2019 නොවැම්බර් මස 10 වනදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ හඩපට හා සැකකරුවන්ගෙන් ලබාගත් කටහඩ සාම්පල මෙලෙස සැසඳී ඇති බවයි.

එමෙන්ම ඔවුන් දෙදෙනා මාධ්‍ය හමුවේදී පැළඳ සිටි ව්‍යාජ රැවුල් දෙකෙන් එකක් මේ වනවිට සොයාගෙන ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මාධ්‍ය හමුවට පෙර සැකකරුවන් දෙදෙනා වෙස් ගැන්වූ වේෂනිරූපණ ශිල්පියාට රුපියල් 15,000 ක මුදලක් ගෙවා ඇත්තේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ මාධ්‍ය ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ මලිත් විජේනායක නැමැත්තෙක් බවයි නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කියා සිටියේ.

එම කටයුත්තට රාජිත සේනාරත්නගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුද සම්බන්ධ වී ඇති බවද ඔහු සඳහන් කළා.

මලිත් විජේනායක නැමැත්තාගෙන් දැනට සිදුකරන විමර්ශන සඳහා ප්‍රකාශයක් සටහන් කරගැනීමට අවශ්‍ය වුවත් ඔහු මේ වනවිට විදෙස් ගතවී සිටින බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා.

ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව විමර්ශන අවසන් කළ හැකි බවයි එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන්නේ අදාළ සැකකරුවන් දෙදෙනා වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව මාධ්‍ය මගින් දැනගන්නට ලැබුණු බවයි.

ඒ අනුව ඔවුන් දෙදෙනා ලබන මස 3 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහර බන්ධනාගාර අධිකාරීවරයාට විනිසුරුවරිය නියෝග කළේ.

එමෙන්ම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියා.

මෙම නඩුව අප්‍රේල් මස 3 වනදා යළි කැඳවනු ඇති. මෙම නඩුවට පෙනී සිටීම සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

මේ අතර එම නඩුවේ 4 වන සැකකරු වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඞ් රූමි මොහොමඞ් කාසිම්, විදෙස් ගතවීමට අවසර ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධයෙන් නියෝගය ලබන මස 3 වනදා ලබාදෙන බවයි විනිසුරුවරිය දැනුම් දුන්නේ.



කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලාංකිකයෙකු ලන්ඩනයේදී මරුට
Saturday, 28 March 2020 - 23:17

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ලන්ඩනයේදී... Read More

කොරෝනා වෛරසය ගැන අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ අයෙක් CID අත්අඩංගුවට
Saturday, 28 March 2020 - 22:06

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කළුබෝවිල ප්‍රදේශයේ සිට සමාජ මාධ්‍ය... Read More

ජීවන ගමනින් සමුගත් දියණිය බැලීමට වත් නොපැමිණ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින ශ්‍රේෂ්ඨ පියෙක්
Saturday, 28 March 2020 - 21:43

විදෙස් ගතව සිට මෙරටට පැමිණි පිරිස් සහ සංචාරකයන් ඇසුරු කළ... Read More