පළමු වරට පාකිස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හමුවේ

Thursday, 27 February 2020 - 14:11

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු පළමුවරට පාකිස්ථානයෙන් හමුවී තිබෙනවා.

කරච්චි සහ ඉස්ලාමාබාද් නගරවැසියන් වන මොවුන් මෑතක ඉරානයේ සංචාරයක නිරතව සිට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එසේම, චීනයට මායිම්ව පවතින පාකිස්ථානයේ උතුරුදිග ප්‍රදේශවල කුරුල්ලන් දඩයම් කිරීම තහනම් කර තිබෙනවා.

විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ ඉරානයෙන් පුද්ගල මරණ 19 ක් වාර්තා වීමත් සමග පාකිස්ථාන - ඉරාන දේශසීමා වසා දැමීමට ද පාකිස්ථානු රජය කටයුතු කර ඇති බවයි.

එසේම, ඉරානයට මායිම්ව පවතින බැලූචිස්තාන් ප්‍රාන්තයේ පාසල් ලබන මස 15 වනදා දක්වා වසා දමා ඇති අතර, කරච්චි නගරයේ පිහිටි සින්ද් ප්‍රාන්තයේ පාසල් ද අද සිට සතියක කාලයක් වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories