වියලි කාලගුණයෙන් තේ වගාවටත් දැඩි බලපෑම්

Friday, 28 February 2020 - 7:58

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A
දිවයිනට බලපා ඇති වියලි කාලගුණයෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 05 කට බලපෑම් එල්ල වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 54,864 කට අයත් පුද්ගලයින් දෙලක්ෂ 30,154ක් පීඩාවට පත්ව ඇති බවයි.

කෑගල්ල, රත්නපුර, මහනුවර, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලට මේ වනවිට වියලි කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, වයඹ පළාත් සහ මන්නාරම, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට වැඩි අවධානයක් යොමුකළ යුතු උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපෑ හැකි බවයි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ වියලි කාලගුණය හේතුවෙන් කුඩා දරුවන් වාහන තුළ තනිවම රඳවා යෑම සහ අධික වෙහෙසකාරී කටයුතුවලින් සීමා කර තැබිය යුතු බවටයි.

මේ අතර, පවතින වියලි කාලගුණයත් සමඟ මධ්‍යම කඳුකරයේ තේ වගාවටද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

තේ වතු ආශ්‍රිතව පවතින ජල මුලාශ්‍ර සිඳී යෑම හේතුවෙන් තේ වගාවන් වියලී ගොස් ඇති බවටයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ හේතුවෙන් ඉදිරියේදී තේ වගාවටද හානි සිදුවීමට ඉඩ ඇති බවටයි වතු අධිකාරීවරුන් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories