දකුණු කොරියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් 2000 ඉක්මවයි

Friday, 28 February 2020 - 10:20

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+2000+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
දකුණු කොරියාවෙන් ඊයේ දිනය තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 256 දෙනෙකු හමුවී ඇති අතර, ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 2022 දක්වා ඉහළ යනවා.

චීනයෙන් පිටත වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද දකුණු කොරියාවෙන්.

නව ආසාදිතයන් අතුරෙන් සියයට 90ක්ම දකුණු කොරියාවේ කොවිඞ් නයින්ටීන් වෛරසය කේන්ද්‍ර ගත වූ ඬේගු නගරයෙන් වාර්තා වන අතර, එරට මරණ සංඛ්‍යාව 13ක් ලෙසයි සටහන් වන්නේ.

දකුණු කොරියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් අඩක්ම ෂින්චෙයොන්ජි ජේසු දෙව් මැදුරට සම්බන්ධවූවන් වන අතර, එහි සාමාජිකයන් දෙලක්ෂ දස දහසකට අධික පිරිසක් පරීක්ෂා කිරීම දැන් ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව එරට කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක් මේ වන විට දකුණු කොරියාව වෙත සිය පුරවැසියන්ගේ සංචාර සඳහා අනතුරු ඇගවීම් නිකුත් කර අවසන්.

දකුණු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අද ආරම්භවීමට නියමිතව තිබූ ඒකාබද්ධ යුද අභ්‍යාසය ද කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් කල් දමා ඇති අතර, සෝල් අගනුවර සෞඛ්‍ය අවදානම් මට්ටම ද ඉහළ නංවා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories