ඇමරිකානු - තලෙයිබාන් සාම ගිවිසුමට - ඉන්දියාව නිරීක්ෂකයෙක්

Friday, 28 February 2020 - 12:55

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+-+%E0%B6%AD%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර දෝහා - කටාර් හිදී හෙට අත්සන් තැබෙන සාම ගිවිසුම සඳහා නිරීක්ෂකයෙකු ලෙස සහභාගි වන බව ඉන්දියාව පවසනවා.

සාම ගිවිසුම මගින් ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමට අවකාශ සැලසෙන අතර, තලෙයිබාන් සංවිධානය ඒ අනුව සටන් නැවැත්වීමට පියවර ගනු ඇති.

2001 වසරේ සිට ඇෆ්ගනිස්ථානයේ සටන්වලින් ඇමරිකානු සෙබලුන් 2400කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කටාර් හිදී සාම ගිවිසුම අත්සන් තැබීමේ ගිවිසුමට නිළ වශයෙන් සහභාගි වන ලෙස ඉන්දියාවට ඇරයුමක් ලැබී තිබෙනවා.

ඒ අනුව කටාර් හි ඉන්දීය තානාපති පී. කුමරන් ඊට සහභාගි වන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories