දිල්ලියේ ගැටුම්වලින් 39 දෙනෙකු මරුට

Friday, 28 February 2020 - 13:10

%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+39+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ ගැටුම්වලින් මිය ගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෝදි රජයේ පුරවැසි පනතට එරෙහිව මෙම විරෝධතා පැන නැගුණේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරයට සමගාමීවයි.

මිලියන 200ක් වූ ඉන්දියානු මුස්ලිම්වරුන්ට එරෙහි ක්‍රියාමාර්ගයක් ලෙස සැලකෙන පුරවැසි සංශෝධන පනතට පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් අතරයි මෙම ගැටුම් හට ගත්තේ.

එහිදී විරෝධතාකරුවන් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන මෙන්ම රථ වාහන ද ගිනිබත් කර ඇති අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

කෙසේ නමුත්, මේ වන විට දිල්ලියේ තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති බවත්, හින්දු සහ මුස්ලිම් ජන කොටස් අතර සාම හමු 330ක් සංවිධාන කර ඇති බවත්, ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories