උණ සහ කැස්ස රෝග ලක්ෂණ සහිතව ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඊයේ අයි.ඩී.එච්. රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
එමෙන්ම, තවත් චීන ජාතිකයෙකු ද අයි.ඩි.එච්.රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මේ අතර, උණ රෝග ලක්ෂණ සහිත තවත් පුද්ගලයන් සිව් දෙනෙකු ගම්පහ, මීගමුව සහ රත්නපුර රෝහල් වෙත ද ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට දැනට රෝහල් ගත කර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පුද්ගලයන් සංඛ්‍යාව 7 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.
ලොව පුරා රටවල් 46 කින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 83,704 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 2859ක් ලෙසයි.
තවත් 36,652 දෙනෙකු වෛරසය ආසාදනය වී ඇති සුවය ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
චීනයෙන් පසුව, වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන දකුණු කොරියාවේ ආසාදිත සංඛ්‍යාව 2337 ක්. කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තියත් සමග දකුණු කොරියානු පුරවැසියන්ට වීසා නිකුත් කිරිම තාවකාලිකව අත්හිටුවූ බව වියට්නාමය අද නිවේදනය කළා.
එමෙන්ම, දකුණු කොරියාවේ සිට පැමිණ ඇති විදේශිකයන් දින 14 ක නිරෝධායනයකට යටත් කරන බවයි වියට්නාමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ලිතුවේනියාවේ ද අද කාන්තාවකට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
මේ අතර, උතුරු කොරියාව තුළද කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් ඇති බවට අනාවරණ වීමත් සමග විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් එරටින් ඉවත් කර ගැනීමට සැලසුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
ජර්මානු තානාපති කාර්යාලය, ප්‍රංශ සහයෝගිතා කාර්යාලය, ස්විට්සර්ලන්ත සංවර්ධන සහයෝගිත්වය උතුරු කොරියාවේ - පියොන්ග්යැන්ග් හි සිදුකරන සිය මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, කොවිඩ් නයින්ටීන් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කළ, ඉතාලියෙන් මේ වනවිට වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 655ක්.
යුරෝපයේ වැඩිම වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා නගර 11 ක් වසා තැබීමටයි ඉතාලි රජය පියවර ගනු ලැබුවේ.
ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් කිිසිවෙකුටත් මේ දක්වා එම වෛරසය ආසාදනය වී නොමැති බවත්, ඔවුන් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් කටයුතු කරන බවත් විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළා.
කෙසේ වෙතත්, පවතින අවදානම්කාරි තත්ත්වය හමුවේ කොන්සියුලර් සේවාවන්හි වැඩි වීමක් ඇති බවයි ඉතාලියේ වැඩබලන ශ්‍රී ලාංකා තානාපති සිසිර සෙනෙවිරත්න හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

Follow US
Most Viewed Stories