කොරෝනා වෛරසයේ ගෝලීය අවදානම ඉහළම මට්මට - ඉරානයේ මරණ 210 ඉක්ම වූ බවට තොරතුරු

Saturday, 29 February 2020 - 7:41

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%B8+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%B8%E0%B6%A7+-+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+210+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ ගෝලීය අවදානම ඉහළම  මට්ටමට නැංවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා.

ඒ, අප්‍රිකානු උප සහරා කලාපය වෙත ද වෛරසය ව්‍යාප්ත වීම සහ ලොව පුරා මූල්‍ය වෙළදපොළ කොරෝනා වෛරසයේ බලපෑමෙන් කඩා වැටීමත් සමඟයි.

ඇන්ටාක්ටිකාව හැරුණු කොට ලොව සියළුම මහද්වීප වෙත ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරසය මැඬලීම සඳහා මහජන සංසරණය සීමා කිරීමට රටවල් රැසක් මේ වන විට පියවර ගෙන අවසන්.

කොරෝනා වෛරසයේ මරණ සංඛ්‍යාව 2867 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිත සංඛ්‍යාව ද 84,000 ඉක්මවා තිබෙනවා.

පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසය අසර්බයිජානය, මෙක්සිකෝව සහ නවසීලන්තය ඇතුළු තවත් රටවල් 9කට ව්‍යාප්ත වී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් විසින් වෛරසයේ ගෝලීය අවදානම ඉහළම මට්ටමට නැංවීමට පියවර ගත්තේ ඉන් අනතුරුවයි.

කෙසේ නමුත්, එය පැන්ඩමික් හෙවත් ගෝලීය වසංගතයක් ලෙස නම් කිරීමට නම් මිහිපිට සියළුම මිනිසුන්ට එහි අවදානම පැවතිය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දුන්නේ.

වෛරසය පැතිරීම වැළැක්වීමේ මූලික පියවර වන්නේ එහි සම්ප්‍රේෂණ දාමය බිදීමයි.

ඒ සඳහා පවතින ප්‍රධාන බාධක වන්නේ බිය, කට කතා සහ අපකීර්තියක් ඇතිවේය යන දුර්මතය බව වෛද්‍ය ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් කියා සිටියා.

ඒ සඳහා සහය වන්නේ සැබෑ කරුණු, හේතු සහ ලෝක ප්‍රජාව අතර සහෝදරත්වයයි.

මේ අතර, නිළ මරණ සංඛ්‍යාව 34ක් ලෙස සටහන් වන ඉරානයේ කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයන් 210 දෙනෙකු වත්  මිය ගොස් ඇති බව බී.බී,සී. පර්සියානු සේවය අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ, එරට සෞඛ්‍ය පද්ධතියෙන් ලද තොරතුරු අනුවයි.

මේ වන විට දකුණු කොරියාවෙන් වාර්තා වන කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 13ක් වන අතර එරට ආසාදිත සංඛ්‍යාව 2337ක් එනම්, චීනයෙන් පිටත වැඩිම ආසාදිත සංඛ්‍යාවයි.

දකුණු කොරියාවේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති ගාමිණී සෙනරත් යාපා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සේවයේ නිරත පිරිස් යලි මෙරටට පැමිණීමට උත්සාහ දැරීම හේතුවෙන් මෙරටට ලැබෙන රැකියා සංඛ්‍යාවේ ද ඉදිරියේදී අඩුවීමක් සිදුවිය හැකි අවදානමක් පවතින බවයි.

යුරෝපයේ කොරෝනා වෛරසයේ බලපෑම වැඩිම රට වන ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව මේ වන විට 888 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරටින් මරණ 21ක් ද වාර්තා වනවා.

 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories