කේරළ ගංජා කිලෝ 323ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - (ඡායාරූප)

Saturday, 29 February 2020 - 8:57

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+323%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අද අලූයම යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කිලිනොච්චි - ජයපුරම් - වේරවිල් රෝහල අසළ දී යුද හමුදාව විසින් මාර්ග බාධකයක් යොදවා නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ කෝටි 5කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 323ක් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙය වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟ පෙන්වීම යටතේ 66 වන සේනාංකයට අයත් 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් භට පිරිස් විසින් සිදුකර ඇති බවයි යුද හමුදාව නිවේදනය කළේ.

එම කේරළ ගංජා තොගය සහ ඒවා ප්‍රවාහනය කළ ට්‍රක් රථය ද ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ඉරණමඩු පොලිස් විශේෂ කාර්ය බලකා කදවුර වෙත භාර දී තිබෙනවා.

යුද හමුදාව වැඩිදුරටත් නිවේදනය කළේ යුද හමුදාව විසින් වසරේ මේ දක්වා කාලසීමාව තුළ කේරළ ගංජා කිලෝ 404ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories