ලක්ෂපාන රක්ෂිතයේ ගින්න පාලනයට ගුවන් හමුදාවේ සහය - ( වීඩියෝ )

Saturday, 29 February 2020 - 9:36

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+-+%28+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%29
හැටන් - නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි ප්‍රදේශයේ රක්ෂිතයක හටගෙන ඇති ගින්න මැඩ පැවැත්වීම සඳහා ගුවන් හමුදාව එක්ව තිබෙනවා.

පෙරේදා (27) සිට මෙම ගින්න පැතිරෙමින් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ලක්ෂපාන වාලමලෙයි ප්‍රදේශයේ හටගත් ගින්න වනජීවී රක්ෂිතයට පැතිරයාම පාලනය කිරීම සදහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක සහය ලබාගෙන ඇති බවයි ආපදා කළමනාකරණ ඒකකය කියා සිටියේ.

ගුවනින් ජලය ඉසීම හේතුවෙන් මේ වනවිට ගින්න පාලනය වී තිබෙනවා.

ගින්නෙන් අක්කර 25කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි නල්ලතන්නිය පොලිසිය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories