ලොව පුරා කොරෝනා මරණ 20,000 ඉක්මවයි - පැය 24 ක් තුළ ස්පාඤ්ඤයේ මරණ 656 ක්

Thursday, 26 March 2020 - 7:37

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+20%2C000+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+656+%E0%B6%9A%E0%B7%8A
රටවල් 198 ක ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 21,181 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ලොව පුරා ආසාදිතයින් හාර ලක්ෂ 67,594 ක් වාර්තාවන අතර, ඉන්  එක්ලක්ෂ 13,770 ක් සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි වාර්තාවන්නේ.

පසුගිය පැය 24 තුළද ඉතාලියෙන් කොරෝනා මරණ 683 ක් වාර්තාවූ අතර, මේ වනවිට එහි සමස්ථ මරණ සංඛ්‍යාව 7,503 ක්. උතුරු ඉතාලියෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර, එම තත්ත්වය දකුණු ඉතාලියට ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා එරට සෞඛ්‍ය බලධාරීන් දැඩි ප්‍රයත්නයක නිරතව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

74,386 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා.

එමෙන්ම ගතවූ පැය 24 තුළ ස්පාඤ්ඤයෙන් මරණ 656 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව ස්පාඤ්ඤයේ මේ වනවිට වාර්තාවී ඇති මුළු මරණ සංඛ්‍යාව 3,467 ක්. එහි ආසාදිතයන් සංඛ්‍යාව 49,515 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ප්‍රංශයේ පැය 24 ක් තුළ මරණ 231 ක් වාර්තාවන අතර, මුළු ආසාදිතයන් සංඛ්‍යාව 25,600 ක්.

නව මරණ 155 ක් සමඟ ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 942 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 65,778 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.  

ඉරානයෙන් මරණ 143 ක්, නෙදර්ලන්තයේ මරණ 80 ක් සහ ජර්මනියේ මරණ 47 ක් ගතවූ පැය 24 තුළ වාර්තාවී තිබෙනවා.

නව කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් මේ වනවිට දැඩි සීමා කිරීම්වලට යටත්ව ජීවත් වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බිලියන 1.3 ක ජනතාවක් වෙසෙන ඉන්දියාව වසා දැමීමට තීරණය කිරීමත් සමඟ මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

ඒ අනුව සමාජ සම්බන්ධතා සහ සංචරණයට අදාළව මෙම සීමා පනවා තිබෙනවා.

මේ අතර, තවත් ධුර කාල දෙකක් සඳහා සැකසූ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළව ලබන අප්‍රේල් 22 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම කල් දැමීමට පියවර ගත් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළා.

ඒ, එරට රාජ්‍ය රූපවාහිණිය ඔස්සේ ජනතාව අමතමින්.

පැතිර යන කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම, වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා ලබන සතිය නිවාඩු ලබාදීමටද කටයුතු කර තිබෙනවා.


දීර්ඝ කාලයක් වසා දමා තිබූ චීනයේ වූහාන් නගරය යළි විවෘත කෙරේ
Tuesday, 07 April 2020 - 22:13

කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ බවට සැලකෙන දීර්ඝ... Read More

“සුපිරි රෝස චන්ද්‍රයා” අද රෑ අහසේ
Tuesday, 07 April 2020 - 20:42

මෙම වසරේ දිස්වන පුරහඳවලින් විශාලතම සහ දීප්තිමත්ම වූ “සුපිරි... Read More

කාර්ය සාධක බලකාය සිදුකරන්නේ ප්‍රතිපත්ති තීන්දු ක්‍රියාත්මක කිරීම පමණයි - සුසිල්
Tuesday, 07 April 2020 - 20:29

කාර්ය සාධක බලකාය සිදුකරන්නේ ප්‍රතිපත්ති තීන්දු ක්‍රියාත්මක... Read More