පුද්ගලයන් 255 දෙනෙකු රෝහල් 21 ක වෛද්‍ය අධීක්ෂණයේ

Thursday, 26 March 2020 - 7:48

%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+255+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+21+%E0%B6%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 255 දෙනෙකු දිවයිනේ රෝහල් 21 ක මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වූ කිසිදු පුද්ගලයෙකු ඊයේ මෙරටින් වාර්තා වූයේ නැහැ.

මේ වනවිට පුද්ගලයින් 102 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර, චීන ජාතික කාන්තාවක් ඇතුළු තුන්දෙනෙකු මේ වනවිට සුවය ලබා අයි.ඩ්.එච් රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.  

කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 22 ක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් 14 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 10 ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 09 ක් වාර්තා වනවා.

මෙරටින් වාර්තා වූ රෝගීන් අතරින් 33.3% ක් අවුරුදු 41 ත්, 50 ත් අතර වයස්වල පසුවන්නන්. අවුරුදු 61 ත්, 70 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන ආසාදිතයින්ගේ ප්‍රතිශතය 6.9% ක්.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ කොරෝනා මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙලට ඇතැම් පිරිස් සහය නොදැක්වීම බරපතල ගැටළුවක් වී ඇති බවයි.



දීර්ඝ කාලයක් වසා දමා තිබූ චීනයේ වූහාන් නගරය යළි විවෘත කෙරේ
Tuesday, 07 April 2020 - 22:13

කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ බවට සැලකෙන දීර්ඝ... Read More

“සුපිරි රෝස චන්ද්‍රයා” අද රෑ අහසේ
Tuesday, 07 April 2020 - 20:42

මෙම වසරේ දිස්වන පුරහඳවලින් විශාලතම සහ දීප්තිමත්ම වූ “සුපිරි... Read More

කාර්ය සාධක බලකාය සිදුකරන්නේ ප්‍රතිපත්ති තීන්දු ක්‍රියාත්මක කිරීම පමණයි - සුසිල්
Tuesday, 07 April 2020 - 20:29

කාර්ය සාධක බලකාය සිදුකරන්නේ ප්‍රතිපත්ති තීන්දු ක්‍රියාත්මක... Read More