යාපනයට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය - (වීඩියෝ)

Thursday, 26 March 2020 - 11:12

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
යාපනය දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කර තිබෙනවා.

එම දිස්ත්‍රික්කය ඇතුලූ උතුරු පළාතේ වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රිික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට උදෑසන හයට තාවකාලිකව ඉවත් කිරීමටයි මීට පෙර සැළසුම් කර තිබුණේ.

එහෙත් පවතින තත්වය සැළකිල්ලට ගෙන යාපනය දිස්ත්‍රික්කයට පමණක් නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් උතුර පළාතේ යාපනය හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට මේ වනවිට පනවා ඇති ඇඳිරි නීතිය හෙට උදෑසන හයට ලිහිල් කෙරෙන අතර, පස්වරු දෙකට යළි පැනවෙනු ඇති.

එය මාර්තු 30 වන සඳුදා උදෑසන 6 ට ඉවත් කොට යළි දහවල් දෙකට නැවත ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර අද උදෑසන හයට ඇඳිරි නීතිය ඉවත් කෙරුණු බස්නාහිර සහ උතුර පළාත් මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කය හැර සෙසු ප්‍රදේශවලට යළි පොලිස් ඇඳිරි නීතිය පැනවීමේ වේලාව සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශවල අද දහවල් 12ට පැනවීමට නියමිතව තිබූ පොලිස් ඇඳිරි නීතිය යළි පනවනු ලබන්නේ පස්වරු 2ටයි.  

එය මාර්තු 30 වන සඳුදා උදෑසන හයට ලිහිල් කෙරෙන අතර, එදිනම දහවල් දෙකේ සිට යළි ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

කෙසේ වෙතත් අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර, සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට උදෑසන 6 ට ලිහිල් කොට පස්වරු දෙකට යළි පනවනු ලබනවා.

එය මාර්තු 30 වන සඳුදා උදෑසන 6 ට ඉවත් කෙරෙන අතර, එදින පස්වරු දෙකට නැවත ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.






Saturday, 04 April 2020 - 19:05

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවැසිව... Read More

මගී ගුවන් යානා පැමිණීමේ තහනම යළි දැනුම් දෙන තුරු දීර්ඝ කෙරේ
Saturday, 04 April 2020 - 18:48

මගී ගුවන් යානා මෙරටට පැමිණීමේ තහනම යළි දැනුම් දෙන තුරු දීර්ඝ... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Saturday, 04 April 2020 - 18:26

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More