ලොව පුරා ආසාදිතයන් පන්ලක්ෂයක් - මරණ 24,000ක් - ඇමරිකාවේ ආසාදිත සංඛ්‍යාව චීනය සහ ඉතාලිය අභිබවයි

Friday, 27 March 2020 - 6:44

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+24%2C000%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B6%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව චීනය සහ ඉතාලිය ද අභිබවා තිබෙනවා.

ඒ අනුව මේ වන විට ඇමරිකාවේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව 84,911ක් වී ඇති අතර, එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 1300ට ආසන්න වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ වන විට කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 24,000කට ආසන්න වී තිබෙනවා.

ලොව පුරා රටවල් 198 කින් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද පන්ලක්ෂ 29,669 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කොරෝනා වෛරසයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් එනම් 8215ක් වාර්තා වන ඉතාලිය කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා දියත් කළ සටනින් පරාජය ලබමින් සිටින බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

ගත වූ පැය 24 තුළ ද ඉතාලියෙන් නව කොරෝනා මරණ 712ක් වාර්තා වූ අතර, එරට ආසාදිත සංඛ්‍යාව ද ඊයේ දිනයේදී 6153කින් ඉහළ ගොස් 80,539ක් ලෙස සටහන් වුණා.

මේ සතිය මුලදී ඉතාලියේ කොරෝනා මරණවල සාපේක්ෂ අඩුවීමක් දක්නට ලැබුණ ද දැන් උතුරුදිග ලොම්බාඩි සහ වෙනිටෝ කලාපවල සිට දකුණුදිග ඉතාලියට ද වෛරසය පැතිරීමේ අවදානමක් පවතිනවා.

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව ද ඊයේ ප්‍රථම වරට දිනකදී 100 ඉක්ම වූ අතර, එරට එරටින් කොරෝනා මරණ 578ක් වාර්තා වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ආසාදිත සංඛ්‍යාව ද මේ වන විට 11,812 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිටින හිරු විශේෂ වාර්තාකරු ජනක අලහප්පෙරුම සඳහන් කළේ තත්ත්වය පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍යය ආරක්ෂක හමුදා කැදවා ඇති බවයි.

මේ අතර, කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 05 ක මුදලක් ගෝලීය ආර්ථිකයට ලබාදීමට ජී-20 රටවල් පොරොන්දු වී තිබෙනවා.

සෞදි අරාබියේ අනුග්‍රාහකත්වයෙන් ඊයේ පැවති සමුළුවකින් අනතුරුවයි ජී-20 රටවල් මේ බව නිවේදනය කළේ.

මේ අතර, කොරෝනා වෛරසයේ දරුණු බලපෑමට ලක්ව ඇති දෙවන රට වන ස්පාඤ්ඤය එරට නගර වසා දැමීම් අප්‍රේල් 12 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ සංඛ්‍යාව 4,089ක් ලෙස ඉහළ යාමත් සමඟයි ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ.

එරට කොරෝනා ආසාදිත සංඛ්‍යාවද 56,188 දක්වා 18% කින් වැඩි වී තිබෙනවා.

මුඛ ආවරණ, කෘතිම ශ්වසන ආධාරක, හදිසි පරීක්ෂණ කට්ටල සපයා ගැනීමේ සැබෑ යුද්ධයක ස්පාඤ්ඤය පසුවන බව එරට රජයේ ප්‍රකාශක මාරියා ජේසස් මොන්ටේරෝ ප්‍රකාශ කර තිබෙනවා.

ස්පාඤ්ඤය දැනටමත් චීනයෙන් යුරෝ මිලියන 432 ක මුඛ ආවරණ, අත්වැසුම් සහ පරීක්ෂණ කට්ටල ඇණවුම් කර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා.

මේ අතර, අසල්වැසි ඉන්දියාවේ මාර්තු 31 දක්වා පනවා තිබූ ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම අප්‍රේල් 14 දක්වා දීර්ඝ කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම තහනම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සඳහා බලපැවැත්වෙන්නේ නැහැ.


රැකියා විරහිත උපාධිධාරීන් කොරෝනා මර්දන රාජකාරී සඳහා එක්කර ගැනේ
Monday, 30 March 2020 - 5:58

රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් කොරෝනා වෛසර මර්දන... Read More

පළාත් 06කට අද පස්වරුවේ වැසි
Monday, 30 March 2020 - 5:52

සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල අද (30) පස්වරු... Read More

විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් 2 සහ 3
Sunday, 29 March 2020 - 20:39

අප්‍රේල් මස 2 සහ 3 දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට ජනාධිපති විශේෂ... Read More