ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 700කට ආසන්න වෙයි

Friday, 27 March 2020 - 7:52

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+700%E0%B6%9A%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දින 21ක පූර්ණ නිරෝධායන කාලයක් ප්‍රකාශයට පත් කර ඇති කෝටි 140කට ආසන්න ඉන්දියාවෙන් ඊයේ දිනයේදී පමණක් නව කොරෝනා ආසාදිතයන් 88 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 700කට ආසන්න වී තිබෙනවා.

ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 694 දෙනෙකු අතුරෙන් 47 දෙනෙකු විදේශිකයන් වන අතර, හතලිස් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා අවසන්.

ඉන්දියාවෙන් මේ වන විට කොරෝනා මරණ 16ක් ද වාර්තා වනවා.

මුළු රටේම ජනතාවට නිවෙස්වලින් ඉවතට නොයන ලෙස දැනුම් දීමෙන් පසු මෝදි රජයේ මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් ජනතාවට සහන ලබාදීම සඳහා දැවැන්ත ප්‍රතිපාදනයක් වෙන් කිරීමට පියවර ගත්තා.

ඒ අනුව ජනතාවට ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ලබාදීමට නියමිතයි. එමෙන්ම, දුප්පත් පවුල්වලට සතියකට සහල් හෝ තිරිඟු කිලෝග්‍රෑම් 10ක් සහ මාෂ භෝග කිලෝග්‍රෑමයක් බැගින් ඉදිරි මාස 3 සඳහා ලබාදීමට නියමිතයි.


රැකියා විරහිත උපාධිධාරීන් කොරෝනා මර්දන රාජකාරී සඳහා එක්කර ගැනේ
Monday, 30 March 2020 - 5:58

රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් කොරෝනා වෛසර මර්දන... Read More

පළාත් 05කට අද පස්වරුවේ වැසි
Monday, 30 March 2020 - 5:52

සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල අද (30) පස්වරු... Read More

විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් 2 සහ 3
Sunday, 29 March 2020 - 20:39

අප්‍රේල් මස 2 සහ 3 දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට ජනාධිපති විශේෂ... Read More