ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසයෙන් මිය යයි

Friday, 27 March 2020 - 9:32

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයා පිළිබඳව ස්විට්සර්ලන්තයෙන් වාර්තා වනවා.

යාපනය - පුන්කුඩුතිව් ප්‍රදේශයේ පදිංචිව සිට විදේශගත වූ  මෙම 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයා ඊසානදිග ස්විට්සර්ලන්තයේ සෙන් - ගැලන් ප්‍රදේශයේ පදිංචිව සිටි බව සඳහන්.

ඔහු නේවාසික බලපත්‍රයක් මත ස්විට්සර්ලන්තයේ පදිංචිව සිටි අයෙකු බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

පසුගිය 25 වන දා මිය ගොස් ඇති ඔහුගේ මරණයට හේතුව කොවිඩ් නයින්ටීන් වෛරසය බව සනාථ වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත රජය, ලක් රජය වෙත නිළ දැනුම්දීමක් සිදුකර ඇති බවයි විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ.

ස්විට්සර්ලන්තයේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 11,812 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරටින් මරණ 191ක් ද වාර්තා වුණා.








විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් 2 සහ 3
Sunday, 29 March 2020 - 20:39

අප්‍රේල් මස 2 සහ 3 දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට ජනාධිපති විශේෂ... Read More

සෞඛ්‍ය උපදෙස් නොතකමින් රැස්වීම් තැබූ චම්පිකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග
Sunday, 29 March 2020 - 20:34

සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඊයේ දිනයේ රැස්වීමක් පැවැත්වූ හිටපු... Read More

ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් විවිධ අදහස්
Sunday, 29 March 2020 - 20:31

රට තුළ ඇතිව තිබෙන තත්ත්වයත් සමග ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන්... Read More