කොරෝනා ගැන බ්‍රිතාන්‍යය සිදු කරන නවතම පර්යේෂණය

Friday, 27 March 2020 - 11:43

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%9A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට ලොව පුරා රටවල් දැඩි පියවර ගනු ලැබූවද, ගෝලීය වසංගතයෙන් ලොව පුරා දහඅට ලක්ෂය ඉක්ම වූ ජනතාවක් මිය යා හැකි බව ලන්ඩන් රාජකීය විද්‍යායතනයේ විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දෙනවා.

රජයන් මගින් කොරෝනා වෛරස් ආසාදිතයන් පරීක්ෂා කිරීම, වෙන් කිරීම සහ සමාජ දුරස්ථභාවය ක්‍රියාත්මක කිරීම සඳහා දැඩි පියවර ගනු ලැබුවහොත් මිලියන සංඛ්‍යාත ජීවිත බේරා ගැනීමට හැකිවනු ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

මේ වනවිට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ 31,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 24,000 කට අධිකයි.

ලන්ඩන් රාජකීය විද්‍යායතනයේ පර්යේෂකයන් නව අනාවැකිය නිකුත් කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත සහ අනුපාත මෙන්ම ජන විකාශ සහ සමාජ සාධක සැලකිල්ලට ගනිමින්.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නිසි පියවර අනුගමනය නොකළහොත්, වෛරසය ලොව සෑම පුද්ගලයෙකුටම ආසාදනය විය හැකි අතර, මිලියන 40 ක් ජනයා මිය යා හැකි බවයි ලන්ඩන් රාජකීය විද්‍යායතනයේ පර්යේෂකයන් කියා සිටින්නේ.

දින 21ක පූර්ණ නිරෝධායන කාලයක් ප්‍රකාශයට පත් කර ඇති කෝටි 140කට ආසන්න ඉන්දියාවෙන් ඊයේ දිනයේදී පමණක් නව කොරෝනා ආසාදිතයන් 88 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 733 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දියාවෙන් මේ වන විට කොරෝනා මරණ 20ක් ද වාර්තා වනවා. මුළු රටේම ජනතාවට නිවෙස්වලින් ඉවතට නොයන ලෙස දැනුම් දීමෙන් පසු මෝදි රජයේ මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් ජනතාවට සහන ලබාදීම සඳහා දැවැන්ත ප්‍රතිපාදනයක් වෙන් කිරීමට පියවර ගත්තා.

ඒ අනුව ජනතාවට ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ලබාදීමට නියමිතයි.

එමෙන්ම, දින 21ක් නිවෙස්වල රැදී සිටීම දුෂ්කර වූ ඉන්දියානුවන් බහුතරයකගේ ඉල්ලීම මත රාමායනය දිනකට දෙවරක් විකාශය කිරීමට ඉන්දීය රාජ්‍ය රූපවාහිනිය තීරණය කර තිබෙනවා.

එමෙන්ම, දුප්පත් පවුල්වලට සතියකට සහල් හෝ තිරිඟු කිලෝග්‍රෑම් 10ක් සහ මාෂ භෝග කිලෝග්‍රෑමයක් බැගින් ඉදිරි මාස 3 සඳහා ලබාදීමට නියමිතයි.

මේ අතර, ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ඉන්දියාව පැනවූ තහනම අප්‍රේල් 14 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා. එරට දේශීය ගුවන් ගමන් ද මාර්තු 31 වන දා තෙක් අත්හිටුවනු ලැබුවා.

මේ අතර, පසුගිය දෙසැම්බරයේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වූ චීනය සිය රට වෙත පැමිණෙන ජාත්‍යන්තර ගුවන් ගමන් සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, එම ජාත්‍යන්තර ගුවන් සේවා මගින් විදේශිකයන් තම රට තුළට පැමිණීම ද චීනය තහනම් කර ඇති බව සඳහන්.

පසුගිය දින දෙකේදීම චීනය තුළ කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් වාර්තා නොවූව ද විදේශයන් හි සිට වෛරසය රැගෙන ආ පුද්ගලයන්ගේ සංඛ්‍යාව දැන් 500 ඉක්මවනවා.

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව පන්ලක්ෂ 32,788 දක්වා ඉහළ ගොස් ඇති අතර, ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 24,077ක්.

ඉන් මරණ 8215ක් වාර්තා වන්නේ ඉතාලියෙන්. ස්පාඤ්ඤයෙන් මරණ 4365ක් වාර්තා වන අතර, චීනයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 3292ක්.

මේ අතර, කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එකොළොස් දහස් 812 දක්වා ඉහළ ගොස් ඇති බ්‍රිතාන්‍යය, ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සුනඛයන් පුහුණු කළ හැකි ද යන්න පිළිබදව පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා.

ලන්ඩනයේ සෞඛ්‍ය සහ ඝර්මකලාපීය වෛද්‍ය පාසල සහ ඩර්හැම් විශ්වවිද්‍යාලය මෙම පරීක්ෂණය සිදුකරනු ලබන්නේ සුනඛයන්ට ඉව කිරීමෙන් කොවිඞ් නයින්ටීන් ආසාදිතයන් හඳුනාගත හැකි ද යන්න පිළිබදවයි.

මැලේරියා රෝගීන් හඳුනා ගැනීම පිළිබදව ද මීට පෙර බ්‍රිතාන්‍යයේ සුනඛයන් යොදාගෙන පර්යේෂණයක් සිදුකෙරුණා.

බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වන විට 11,812ක් වන අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 578ක්.


රැකියා විරහිත උපාධිධාරීන් කොරෝනා මර්දන රාජකාරී සඳහා එක්කර ගැනේ
Monday, 30 March 2020 - 5:58

රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් කොරෝනා වෛසර මර්දන... Read More

පළාත් 06කට අද පස්වරුවේ වැසි
Monday, 30 March 2020 - 5:52

සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල අද (30) පස්වරු... Read More

විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් 2 සහ 3
Sunday, 29 March 2020 - 20:39

අප්‍රේල් මස 2 සහ 3 දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට ජනාධිපති විශේෂ... Read More