රුසියාවේත් වැඩ නොකරන සතියක්

Saturday, 28 March 2020 - 13:40

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වසංගත තත්ත්වයකට පත් නොවූ රුසියාවේ ද වැඩනොකරන සතියක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන තිබෙනවා.

ඔහුගේ නියෝගය අනුව රුසියානු රජය එරට ජනතාවට දැනුම් දී ඇත්තේ ඉදිරි සතිය වැටුප් සහිත වැඩනොකරන සතියක් ලෙස සලකා නිවෙස්වල රැදී සිටින ලෙසයි.

රුසියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව මේ වන විට 1036ක් වන අතර එය ඉතාලිය, ස්පාඤ්ඤය ආදී යුරෝපා රටවල් හා සැසදූ විට සාපේක්ෂව අඩු අගයක්.

රුසියාවෙන් කොවිඩ් නයින්ටීන් මරණ 4ක් ද වාර්තා වුණා.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමට පෙර රුසියාව ක්‍රියාත්මක කර ඇති දැඩි සීමාවන් අප්‍රේල් 5 වන දායින් ඔබ්බට ද දීර්ඝ කරනු ඇති බවයි මොස්කව් වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories