කොවිඩ් නයින්ටීන් ආසාදිත රෝගීන්ට ප්‍රතිඵලදායක ඖෂධයක් ?

Saturday, 28 March 2020 - 13:47

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%96%E0%B7%82%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%3F
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත රෝගීන්ට සිත්‍රොමැක්ස් නැමති ඖෂධය යහපත් ප්‍රතිඵල ලබාදී ඇතැයි එම ඖෂධ නිෂ්පාදනය කරන බහුජාතික සමාගම පවසනවා.

ජෛව රසායනික ඖෂධ සම්බන්ධයෙන් විශේෂඥතාවක් ලබා ඇති එම සමාගම පෙන්වා දෙන්නේ ඇසිත්‍රොමයිසින් ඖෂධය අඩංගු සිත්‍රොමැක්ස්, මැලේරියා රෝගය සඳහා ලබාදෙන හයිඩ්‍රොක්සික්ලොරොක්වින් සමඟ මිශ්‍ර කොට ලබාදීමෙන් එම ප්‍රතිඵලය ඉහළ ගොස් ඇති බවයි.

එම ඖෂධය රෝගීන්ට ලබාදීමේ පරීක්ෂණය ප්‍රංශයේදී සිදුකර තිබෙනවා.

මෙම ඖෂධ මිශ්‍රණය අප්‍රිකාවේ මැලේරියා මර්දනය සඳහා ද සාර්ථක ලෙස යොදාගනු ලැබූවක් බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories