කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Saturday, 28 March 2020 - 20:11

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+IDH+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වෛරසය ආසාදනය වී ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය එම පුද්ගලයා 60 හැවිරිදි මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ. 

සංචාරක මග පෙන්වන්නෙකු වන මෙම පුද්ගලයා වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියාව හා අධික රුධිර පීඩනයෙන් පෙළුණු රෝගියෙක්ද වනවා.

මෙය කොරෝනා වෛරස ආසාදනයෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ පළමු මරණයයි.

ඔහුගේ ඥාතීන්ට දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව හිමිවන අතර, එය රෝහලේ මෘත ශරීරාගාරයේදී සිදුවනු ඇති. 







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories