දිස්ත්‍රික්ක 06කට හැර සෙසු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරේ

Monday, 30 March 2020 - 6:27

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+06%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B7%83%E0%B7%99%E0%B7%83%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද (30) පෙරවරු 6ට ඉවත් කෙරුණා.

කෙසේ වෙතත්, අද (30) පෙරවරු 6ට ඇඳිරි නීතිය ඉවත් කළ දිස්ත්‍රික්කවලට යළි පස්වරු 2ට ඇඳිරි නීතිය පැනවීමට නියමිතයි.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දන්වන තුරු ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

කෙසේ වෙතත් පවතින අනාරක්ෂිත හා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන අද (30) පෙරවරු 06ට ඇඳිරි නීතිය ඉවත් කෙරුනු අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව පොලිස් බල ප්‍රදේශයට අයත් කැකිරාව සහ ගනේවල්පොල නගරවල ව්‍යාපාරික ස්ථාන වසාදැමීමට තිරණය කර ඇති බව කැකිරාව පොලිසිය පවසන්වා.

මේ අතර, අද (30) පෙරවරු 6ට ඇඳිරි නීතිය ඉවත් කෙරුණද, ජනතාවට බණ්ඩාරවෙල නගරයට පැමිණීමට ඉඩ නොදෙන බව බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත පවසා සිටියා.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories