මෙරට කොරෝනා ආසාදිතයන් 152 ක් - මියගිය මරදාන ආසාදිතයාගේ පුතුගේ නිවසත් මුද්‍රා තැබේ

Friday, 03 April 2020 - 18:24

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+152+%E0%B6%9A%E0%B7%8A+-++%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%9A
මෙරටදී සොයා ගත් කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව 152 දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේ එක් ආසාදිතයෙකු පමණක් වාර්තා වූ බවයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළේ.

මේ වන විට රෝගයෙන් සුවය ලබා රෝහල්වලින් පිටවී ගොස් ඇති සංඛ්‍යාව 21ක්.

එමෙන්ම ඊයේ දිනයේදී පුද්ගලයන් 225කගේ පමණ සාම්පල් පරීක්ෂාවට ලක්කර ඇති අතර මේ වන විට රෝගීන්ට අමතරව රෝග ලක්ෂණ මතුවීමට පෙර රෝගීන් ඇසුරු කළ පුද්ගලයන්ගේ ද සාම්පල් පරීක්ෂාව සිදු කරනු ලබන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියාසිටියේ.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මිය ගිය 58 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකෙරුණා.

ඒ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදීයි.

ඔහුගේ සමීපතම ඥාතීන් කිහිපදෙනෙකුට දේහය දැක බලා ගැනීම සඳහා අවස්ථාව හිමිව තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ බිරිඳට ද වෛරසය ආසාදනය වී ඇති අතර ඇය ද අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් පසු මේ වනවිට සිය නිවස තුළම ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා පසුගිය දිනෙක ඉන්දියාවේ - වේලන්කණ්ණි ප්‍රදේශයේ සංචාරයක ද නිරත වී ඇති බවයි රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජයලත් ගුණතිලක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, පසුගියදා කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය මරදාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ පුත්‍රයෙකු පදිංචිව සිටි ග්‍රෑන්ඩ්පාස් - වාස් පටුමග අවට ප්‍රදේශයට පිටස්තර පුද්ගලයින්ට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඔහුගේ පුත්‍රයා ඇතුළු එම නිවසේ පදිංචිකරුවන්. නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති අතර, අදාළ නිවසට ද මුද්‍රා තැබීමටයි කටයුතු කර ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ පුතු සහ ඔහුගේ බිරිඳගේ පියා ආසාදිතයා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබීම මෙම තත්ත්වයට හේතුවයි.

එමෙන්ම, ග්‍රෑන්ඩ්පාස් දිසා අංක 02 - ඒ කොටස භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.එම්.ටී. හේරත් සඳහන් කළේ ආසාදිතයාගේ පුත්‍රයා පසුගියදා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වෙත ඇඳිරි නීති බලපත්‍රයක් ලබා ගැනීම සඳහා පැමිණ ඇති බැවින් එම අවස්ථාවේදී ඔහුත් සමග කටයුතු කළ පොලිස් නිලධාරින් 4 දෙනෙකුට ද නිරෝධායන වන ලෙසට දැනුම්දී ඇති බවයි.  

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනෙකුට සුවය ලැබූ රෝගියෙකුගේ රුධිර ප්ලාස්මා ලබාදීමට කටයුතු කර ඇති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ සඳහන් කළේ සුවය ලැබූ තවත් රෝගීන් 6 දෙනෙකු තම රුධිර ප්ලාස්මා ලබාදීමට කැමැත්ත පළ කර ඇති බවයි.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ද අද සිට ඉහළ දැමීමට කටයුතු කර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories