කොරෝනා රාජකාරියට ගිය PHI ට පිහි ඇනුමක්

Saturday, 04 April 2020 - 19:40

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+PHI+%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%87%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
රඹුක්කන - පත්තම්පිටිය ප්‍රදේශයේදී කොරෝනා මර්දන රාජකාරිවල නිරතව සිටි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට පිහිඇනුමක් සිදුකළ පුද්ගලයෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අද පස්වරුවේ සිදුවූ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා රඹුක්කන රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

නිරෝධායනයට ලක්වෙමින් සිටින පවුලකට ජලය ලබාදීමට යාමේදී ඇති වූ බහින් බස්වීමක් සිද්ධියට හේතුවී තිබෙනවා.

මේ අතර, නාවුල ප්‍රදේශයේදී සමෘද්ධි ප්‍රතිලාභීන්ට අදාළ දීමනා ලබාදීම සඳහා ගිය සමෘද්ධි නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මේ මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories