බස්නාහිර පළාත, පුත්තලම, මහනුවර සහ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට පැය අටකට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Sunday, 05 April 2020 - 7:49

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%2C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%2C+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B7%83%E0%B7%99%E0%B7%83%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%80%E0%B6%BD+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%85%E0%B6%A7%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය හෙට උදෑසන හයට තාවකාලිකව ඉවත් කිරීමට නියමිතයි.

එය යළි එදිනම පස්වරු දෙකට පනවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය ඇඳිරි නීතිය ඉවත් කළත් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

කවර දිස්ත්‍රික්කයක වුව ද ගොවිතැන් සහ කුඩා තේ වතු, අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එම වැඩකටයුතු කර ගෙන යාම සඳහා අවසර ලබාදී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එසේම, අනුමත සේවා හැඳුනුම්පත් හෝ ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව ගමන් කරන පුද්ගලයන් සහ වාහන සියල්ල අත්අඩංගුවට ගන්නා බව පොලීසිය ප්‍රකාශ කළා.

මේ අතර ඇඳිරි නීතිය පනවනු ලැබූ කාලය තුළ පුද්ගලයින් 12,938 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පසුගිය 20 වනදා සිට ඊයේ පස්වරු 6 දක්වා කාලය තුළ වාහන 3231 ක් ද පොලිස් භාරයට ගත් බවයි.

එමෙන්ම, ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරමින් මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories