කොළඹ නගරයේ මහජන ආධාරලාභීන්ට මුදල් ලබාදීමට දින 3ක්

Tuesday, 07 April 2020 - 7:44

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+3%E0%B6%9A%E0%B7%8A
කොළඹ නාගරික බල ප්‍රදේශයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණෙන් මහජන ආධාරලාභීන් වෙත මුදල් ලබාදීම හෙට, අනිද්දා සහ 10 යන තෙදින තුළ සිදුකරන බව කොළඹ මහනගර සභාව පවසනවා.

එහි නාගරික කොමසාරිස් චම්පිකා රෝෂිණී දිසානායක සඳහන් කළේ මාර්තු මස මහජන ආධාර මුදල් මෙලෙස ඔවුන්ගේ නිවෙස්වලට ගොස් ලබාදීම සිදුකරන බවයි.

මේ අතර, කොරෝනා වෛරසය මැඬ පැවැත්වීම සඳහා එක්ව සිටින කර්මාන්තකරුවන්ට සහ නව නිපැයුම්කරුවන්ට සම්බන්ධ වීම සඳහා වීමට ක්ෂණික දුරකථන අංක දෙකක් කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය හඳුන්වා දී තිබෙනවා.

මෙරට සෞඛ්‍ය අංශවලට අත්‍යාවශ්‍ය වන දැඩි සත්කාර ඒකක සඳහා ඇඳන්, කෘත්‍රිම ශ්වසන උපකරණ ආදී වෛද්‍ය උපකරණ සහ සායනික උපකරණ මෙරට තුළ දීම නිපදවීම් සම්බන්ධයෙන් හිරු පුවත් තුළින් ද මීට පෙර කරුණු අනාවරණ කළා.

ඒ අනුවයි කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ ලබාදුන් උපදෙස් මත ඔවුන්ට සම්බන්ධවීම සඳහා මෙලෙස දුරකථන අංක දෙකක් හඳුන්වා දී ඇත්තේ. 071 80 63 292 සහ 071 42 88 473 යන අංක වෙත ඔවුන්ට සිය නව නිපැයුම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ හැකියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories