කොරෝනා නිසා මියගිය හත්වැන්නාගේ තොරතුරු රැසක් හෙළිවෙයි

Thursday, 09 April 2020 - 7:18

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව කොරෝනා වෛරසය මෙරටදී ආසාදනය වී ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව මේ වනවිට හත දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි. ජර්මනියේ සංචාරයක නිරතව සිට යළි දිවයිනට පැමිණි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.

ඊයේ දිනයේදී වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 04 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 189 ක් දක්වා ඉහළ ගියා.

වෛරසය ආසාදනය වූ 44 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති අතර, තවදුරතේ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 138 ක්.

ඊයේ දිනයේදී හඳුනාගත් කොරෝනා ආසාදිතයින් හතර දෙනාගෙන් තුන්දෙනෙකු රත්නපුර ප්‍රදේශයෙන් මීට පෙර හඳුනාගත් කොරෝනා රෝගියා සමඟ සමීපව ඇසුරු කළ පුද්ගලයින් වනවා.

ඒ අනුව ඔවුන් සමඟ සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයින් 47 දෙනෙකු නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම අක්කරෙයිපත්තු ප්‍රදේශයෙන් ආසාදිතයෙකු හඳුනාගෙන ඇති අතර, ඔහු කටාර් රාජ්‍යයේ සිට මාර්තු 16 වැනිදා දිවයිනට පැමිණ තිබෙනවා.

මේ අතර, මන්නාරම - තාරාපුරම් ප්‍රදේශය සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, පසුගිය මාර්තු 15 වැනිදා ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණි පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කොරෝනා වෛරසය ආසාදනය වී සිටියදී  මන්නාරම, තාරාපුරම් ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තකට සහභාගි වූ බවට තොරතුරු ලැබීමත් සමඟයි.

ඒ අනුව, එම ප්‍රදේශය වසා දමා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බවයි මන්නාරම දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක වෛද්‍ය ටී. විනෝදන්  සදහන් කළේ. එමෙන්ම අදාළ අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ බවට ලද තොරතුරු මත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන කාදර් මස්ථාන්ද ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories