අවදානම් කලාපවල සිට වෙනත් ප්‍රදේශවලට යාම සපුරා තහනම් - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

Friday, 10 April 2020 - 14:07

%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B7%83%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%AB
කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ අවදානම් ප්‍රදේශවල සිට වෙනත් ප්‍රදේශවලට යෑමට කිසිදු හේතුවක් මත ඉඩ ලබා නොදෙන බව ආරක්ෂක අංශ යළි අවධාරණය කරනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අද සිට ආරම්භ වන ඉදිරි සතියක කාලසීමාව ජනතාව වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

මේ හේතුවෙන් සෞඛ්‍ය අංශවල නිර්ණායකයන්ට අනුව අවදානම් ප්‍රදේශවල සිට සිදු කෙරෙන සංචරණයන් දැඩිව සීමා කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක පොලිස් ඇඳිරිනීතිය හේතුවෙන් පොලිස් මාර්ග බාධක වැඩි සංඛ්‍යාවක් යොදවා තවදුරටත් පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකරන බව පොලිස් මූලස්ථානය පවසනවා.

මේ අතර ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් දිස්ත්‍රික්ක සහ පොලිස් බලප්‍රදේශ හැර සෙසු ප්‍රදේශ සඳහා ක්‍රියාත්මක ඇඳිරිනීතිය 14 වැනි අඟහරුවාදා පෙරවරු 6 ට ඉවත් කර එදිනම පස්වරු 4 ට යළි පැනවීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories