පළාත් කිහිපයකට උණුසුම් කාලගුණය තවදුරටත්

Friday, 10 April 2020 - 16:17

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
වයඹ, උතුරුමැද පළාත්වලට මෙන්ම මන්නාරම, වව්නියාව, ගම්පහ සහ මොනරාගල දිස්ත්‍රික්කවල හෙටත් වැඩි අවධානයක් යොමු කළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අදාළ ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය අංශ සිදුකර ඇති පූර්ව දැනුවත් කිරීම් අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර, අධික වෙහෙසකාරී කටයුතුවලින් වැළකී සිටිය යුතු බවයි.

එමෙන්ම සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසට දැනුම් දෙනවා.

නිවෙස් තුල සිටින  වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

එමෙන්ම වාහන තුල කුඩා ළමුන් තනිව රඳවා නොතැබිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල රැඳිය යුතුයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.

වයඹ පළාතේත් අනුරාධපුර, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වල වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර හෙට දහවල් 12.11ට පලගුතුරෙයි, ඇහැටුවැව, කදුරුගස්දමන සහ තමරෙවිල්ලු යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories