Hirunews Logo
%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.
Sunday, 15 April 2012 - 18:42
අධ්‍යාත්මික සංවර්ධනයත් අවශ්‍යයි. - ජනපති.
21

Shares
2,527

Views



රටේ භෞතික සංවර්ධනයට සමගාමීව අනාගත පරපුර අධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කිරීමටද අවශ්‍ය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වැඩිහිටියන්ට සලකන, අපේකම පිළිබඳ අවබෝධයක් ඇති ගුණගරුක අනාගත පරපුරක් රට තුළ ගොඩනැගුනේ නොමැති නම්, අප ලබන සංවර්ධනයෙන් ඵලක් නොවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. නාකුළුගමුව - වැව්දත්ත ඵෙතිහාසික නවකෙළගම පුරාණ රජමහා විහාරස්ථානයේ ධර්ම ශාලාව අද (15) පෙරවරුවේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. ගුණගරුක අනාගත පරපුරක් ගොඩනැගීමට ආගමික නායකයින්ට සහ දේශපාලන නියෝජිතයින්ට විශාල වගකීමක් පැවරී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා. රට බෙදා වෙන් කිරීමට නොහැකි බවත්, ශ්‍රී ලංකාව ඒකීය රටක් බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දුන්නා. රටේ සියලූ ජනතාව සාමයෙන් සමගියෙන් ඒකීය රටක් තුළ ජීවත්වන බවත්, ජාතීන් අතර විශ්වාසය ගොඩනැගී ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. ප්‍රාදේශීය සභා, පළාත් සභා සියලූ අංශ ඒකරාශී කර ගනිමින් රටේ සංවර්ධනය ද අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (15) දහවල් සිතුල්පව්ව රජමහා විහාරස්ථානයට ද පැමිණ ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
181 Views
2,624 Views
3,652 Views
5,186 Views
15,892 Views
56,285 Views
Top