Hirunews Logo
%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%87%E0%B6%B4+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
Thursday, 26 April 2012 - 18:44
සරත් ෆොන්සේකා ඇප ඉල්ලයි.
12

Shares
1,511

Views



ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා ඇප අයදුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (26) ඉදිරිපත් කළා. 2010 වසරේදී ඔහු අත්අඩංගුවට ගැණුනු අතර ඉන් පසුව සිරදඬුවම් මෙන්ම රක්ෂිත බන්ධනාගාර භාරයේ ද පසුවුණා. ඔහු මෙසේ ඇප අයදුම්පතක් ඉදිරිපත් කර ඇත්තේ පළමු වතාවටයි. සුදුකොඩි නඩුවේදී සරත් ෆොන්සේකාට වසර 3 ක සිරදඩුවම් නියම කෙරුණා. සිරදඩුවම් විඳිමින් සිටින අතරතුර අදාළ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ද ඉදිරිපත් කර ඇතැයි සරත් ෆොන්සේකා සිය ඇප අයදුම්පතේ සඳහන් කර තිබෙනවා. ලබන මැයි මස දෙවැනිදා එම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතයි. එම තත්ත්වය ද සැලකිල්ලට ගෙන තමන්ට ඇප නියම කරන ලෙසයි ඔහු සිය ඇප අයදුම්පතෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,096 Views
3,186 Views
2,644 Views
2,034 Views
1,839 Views
47,582 Views
Top