Hirunews Logo
%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B9+%E0%B6%87%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%A7%E0%B6%B8.
Thursday, 26 April 2012 - 18:49
එජාපයේ මැයි දින කඹ ඇදිල්ල දිගටම.
17

Shares
2,127

Views


එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විසින් යාපනයේ පවත්වන මැයි රැලිය සඳහා සහභාගි නොවීමට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පක්ෂයෙන් අවසරයක් ලබාගත් බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක යළි අවධාරණය කළා. එහෙත් පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස කොළඹ ඊයේ (25) පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ තමන් ප්‍රේමදාස ගුණසමරු උත්සවය සඳහා සහභාගි වීමට පක්ෂයෙන් අවසරයක් ලබා නොගත් බවයි.



මේ අතර, අද පැවති මාධ්‍ය හමුවේදී පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක කියා සිටියේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා මෙම අවසරය ලබා ගත්තේ පසුගිය මාර්තු මස 15 වැනිදා පැවති ජාතික මැයි දින කමිටුවේදී බවයි.



කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ ජාතික නීතිඥ සංගමය ද අද (26) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහි සභාපති නීතිඥ උපුල් ජයසූරිය එහිදී කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය ඇත්තේ නායකයාට එහෙයි කියා ගන්නා කෘත්‍යාධිකාරී මණ්ඩලයක් බවයි.



එහෙත් යාපනයේ මැයි දිනය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තීරණය කළේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලූ දෙනාගේ කැමැත්තෙන් බවයි මහ ලේකම් තිස්ස අත්තනායක අද (26) සඳහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,144 Views
12,776 Views
5,023 Views
2,839 Views
60 Views
9,230 Views
Top