Hirunews Logo
%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%2C+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94.
Friday, 27 April 2012 - 18:30
වතු වෘත්තීය සමිති, සාමාජික මුදලට එරෙහිව නඩු.
6

Shares
763

Views

වතුකරයේ ජීවත් වන දෙමළ ජනතාවගෙන් වතු වෘත්තීය සමිති අය කර ගනු ලබන මාසික සාමාජික ගාස්තුවට එරෙහිව නඩු පැවරීමට ඉදිරියේදී කටයුතු කරන බව ඊරෝස් සංවිධානය පවසනවා. එම සංවිධානයේ මහලේකම් රාජනාදන් ප්‍රභාහරන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වතුකරයේ ජනතාවගෙන් අය කර ගනු ලබන රුපියල් 138ක මාසික සාමාජික ගාස්තුව අය කර ගැනීමෙන් එම ජනතාවට දැඩි ආර්ථික අපහසුතාවට පත්ව ඇති බවයි. මීට අමතරව උතුරු - නැගෙනහිර සහ කඳුකරයේ ජීවත් වන දෙමළ ජනතාවට දෙමළ පක්ෂ විසින් පහසුකම් සලසා නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන ඊරෝස් සංවිධානයේ මහලේකම් රාජනාදන් ප්‍රභාහරන්.

 



 

කෙසේ වෙතත් ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ පක්ෂ සාමාජික ගාස්තුව අහෝසි කිරීම සිදුකළ නොහැකි බවයි. පක්ෂවල ක්‍රියාකාරීත්වය සඳහා එම සාමාජික ගාස්තුව අය කර ගනු ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,263 Views
3,361 Views
2,660 Views
2,105 Views
2,082 Views
47,721 Views
Top