Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.
Friday, 27 April 2012 - 18:39
ජනපති යළි දිවයිනට.
12

Shares
1,476

Views

සිව් දින නිළ සංචාරයක් සඳහා දකුණු කොරියාවට ගොස් සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම සංචාරය නිම කරමින් අද (27) පස්වරුවේ යළි දිවයිනට පැමිණියා. අද (27) පස්වරු 3.40ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. සිය නිළ සංචාරය අතරතුර දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දකුණු කොරියාවේ ජනාධිපති ලී මියුන් බක් හමුවී ද්වි පාර්ශවික සාකච්ඡාවල නිරත වුණා. එම හමුවෙන් අනතුරුව දෙරටේ නියෝජිතයින් අතර ද්වි පාර්ශවික වෙළෙද ගිවිසුම් 3කට ද අත්සන් තැබුණු අතර, ශ්‍රී ලාංකික සහ දකුණු කොරියානු ව්‍යාපාරික ප්‍රජාව අමතමින් ජනාධිපතිවරයා විශේෂ දේශනයක් ද පවත්වනු ලැබුවා. සිය සංචාරයේ අවසන් දිනය වූ ඊයේ දිනයේදී ජනාධිපතිවරයා එරට දෙවැනි විශාලම නගරය වන බුසාන්හි සංචාරයක නිරත වූ අතර එහි පිහිටා තිබෙන න්‍යෂ්ටික බලාගාරයක් ද නිරීක්ෂණයට ලක් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
530 Views
2,977 Views
3,704 Views
5,334 Views
16,531 Views
56,695 Views
Top