Last Updated : 30/07/2014 - 11:48 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
2
shares
327
Views

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

පාන් ගෙඩියක මිල රුපියල් 60ක් වන ලකුණු. 
Friday, 27 April 2012 - 18:45 | Download hirunews app on Android & Apple
Share this article

තිරිඟු පිිටි මිල වැඩිවීමත් සමග පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීම සඳහා තම විධායක කමිටුව හෙට රාත‍්‍රියේදී රැස් වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සම්මේලනය පවසනවා. එම සම්මේලනය මීට පෙර තීරණය කර තිබුණේ අද (27) පස්වරුවේ විධායක කමිටුව රැස්වී පාන් මිල සහ බේකරි නිෂ්පාදන මිල පිළිබදව තීරණයක් ගැනීමටයි. කෙසේ වෙතත් අද (27) පස්වරුවේ විධායක කමිටුව රැස්වීම සම්බන්ධයෙන් ප‍්‍රායෝගික ගැටලූ මතුවී ඇති බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ. හෙට රාත‍්‍රියේදී රැස්වන සමස්ත ලංකා බේකරි හිමියන්ගේ විධායක කමිටුවේදී රුපියල් 3ත්, 5ත් අතර අගයකින් පාන් ගෙඩියක මිල ඉහළ නංවන බව එහි සභාපතිවරයා කියා සිටියා.

 



 

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා පසුගිය පෙබරවාරි 24 වැනිදා අවසන් වරට රුපියල් 5කින් පාන් ගෙඩියක මිල ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කළා. කෙසේ වෙතත් හෙට පැවැත්වෙන රැස්වීමේදී රුපියල් 5කින් පාන් ගෙඩියක මිල ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කරනු ඇති බවයි එම සංගමයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අනාවරණ වුණේ. එසේ රුපියල් 5කින් පාන් ගෙඩියක මිල ඉහළ ගියහොත් දැනට රුපියල් 55ක් වන පාන් ගෙඩියක මිල රුපියල් 60ක් වනු ඇති.



Add/ View comments
  327 Views
Share this article
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Wednesday, 30 July 2014 - 7:13
කඳාන ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේ තැන්පත් කර තිබූ ඉතාලියෙන් වැඩම කරවූ ශාන්ත ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     70  Views  
Share
 790  Views   |

Share
 19,360  Views   |
O/L ගණිතය

Previous Articles
Share
 26,123  Views   |
Share
 18,072  Views   |
Share
 27,905  Views   |