Last Updated : 19/12/2014 - 07:01 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
වර්ධනය අඩුයි - ප‍්‍රතිඵල හොඳයි - I.M.F. 
Saturday, 28 April 2012 - 13:42 | Download hirunews app on Android & Apple
4 shares
589 views

ශ‍්‍රී ලංකාව විසින් මූල්‍ය ප‍්‍රතිපත්ති දැඩි කිරිම සහ විනිමය ක‍්‍රමයේ නම්‍යශීලිතාවක් ඇති කිරීම තුළින් ආර්ථික වර්ධනය අඩු විය හැකි නමුදු එය දිගුකාලීන ප‍්‍රතිඵල ගෙන දෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහි ශ‍්‍රී ලංකා නේවාසික නියෝජිත කෝෂි මතායි කියා සිටියේ දැඩි මූල්‍ය ප‍්‍රතිපත්තිවලින් උද්ධමනය ද ඉහළ යා හැකි බවයි. එහෙත් ආර්ථිකයේ ස්ථාවරභාවය සහ දිගුකාලීන වර්ධනය සඳහා එම පියවර අත්‍යාවශ්‍ය බව ඔහුගේ අදහසයි. විනිමය සංචිත සුරක්ෂිතව තබා ගැනීම තිරසාර වර්ධනයේ මූලිකාංගයක් බව මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත කෝෂි මතායි සඳහන් කළා. මෙරටින් බිහි වූ ලෝකප‍්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්ය ගාමිණි කොරයා වෙනුවෙන් පිහිටුවනු ලැබූ පදනමේ සමාරම්භක දේශනය පවත්වමින් මූල්‍ය අරමුදලේ නියෝජිතයා මේ බව ප‍්‍රකාශ කර තිබෙනවා. පසුගිය කාලය තුළ මෙරට දැඩි මූල්‍ය ප‍්‍රතිපත්ති රැසක් කි‍්‍රයාත්මක කෙරුණු අතර විනිමය ක‍්‍රමය නම්‍යශීලි කිරිමට ද පියවර ගත්තා. මේ නිසා මේ වසරේ ආර්ථික වර්ධන ඉලක්කය වන සියයට 8 ක වර්ධන වේගය සියයට 7 යි දශම 2 ක් දක්වා පහත හෙළීමටයි මහ බැංකුව කටයුතු කළේ.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Friday, 19 December 2014 - 10:14
මෛතී‍්‍ර පාලනයක් - ස්ථාවර රටක් යන්න තේමා කරගත් පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේනගේ ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     0  Views  

Share
 32,811  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,581  Views   |
Share
 36,609  Views   |